ආදරණීය දුවේ පුතේ,
හෙටින් ඔබගේ ජීවිතේ එක්තරා කඩඉමක් ආරම්භ වේ. පහත කරුණු ඔබට වැදගත් වේ 1) ව්භාග ශාලාවට විභාගයට විනාඩි 30/45 කට පෙර යෑම සෑහේ.
පෞද්ගලික ගමනාගමන ක්‍රමයක් වඩා යෝග්‍යවේ.
2) ඇඩ්මිෂන් එක(මෙහි photo එකක් ඔබ ලග තබාගන්න/එය පලමු දිනයේදිම විභාග ශාලවෙන් ලබාගනී) , ID කාර්ඩ් එක විනිවිද පෙනෙන පැන්සල් රදවනයක්, අවශ්‍ය පරිදි පෑන් (කලු,නිල්) පැන්සල්, මකනයක්, අඩිරූලක් , වතුර බෝතලයක්,මාස්ක් දෙකක්,සැනිටයිසර් එකක්, පැනඩෝල් කාර්ඩ් එකක් , සිද්ධාලේප , ඊනෝ හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අදම සූදානම් කරගන්න.
( මකන දියර , ගණක යන්ත්‍ර , ස්මාර්ට් වොච් භාවිතා කල නොහැක. පැහැදිලි අත් ඔරලෝසුවක් රැගෙන යන්න. )
2) ඩෙස්ක් එක,පුටුව සෙලවීමක් නොමැතිදැයි බලන්න.අව්ව බාධාවක් වේ නම් ඒ බව කලින් පරීක්ෂණ නිලධාරීන් වෙත දන්වන්න.
3) අවශ්‍ය කටු කොල ඩෙස්ක් එකට පැනෙන් තට්ටු කර ඉල්ලා ගත හැක. ලඝු පොත ද එසේමය.
4) බහුවරණ ප්‍රශ්න පත්‍ර වලදි කටු කොල 02/03 ක් ඉල්ලා ගන්න.
5) සෑම පිටුවකම පිටු අංකය විභාග අංකය විභාගය ආරම්භයට පෙර යොදන්න.
6) කියවීම් කාලය තුල රචනා ප්‍රශ්න පත්‍රයේ ලියන හා අත් හරින ප්‍රශ්න ඉතා කල්පනාවෙන් තෝරගන්න.
7) සෑම ප්‍රශ්නයකටම අලුත් පිටුවකින් පිලිතුරු ලිවීම අරඹන්න.ප්‍රශ්න අංක පිලිවෙලට ලිවීම අවශ්‍ය නොවේ.
8) විභාගයේදි සමහර ගැටලු සුලු කිරීමට හා නිවැරැදි පිලිතුරු ලබාගැනීමට කල් ගත වන බව ප්රශ්නය දුටු සැනින් හදුනාගත හැකි නම් එවැනි ප්‍රශ්න මග හැර අනෙක් සියල්ල අවසාන කල පසු ඒවා උත්සහ කිරීම ඉතාම වැදගත් වේ.
මෙයින් ඔබට මනස ධනාත්මකව විභාගය අවසානය දක්වා පවත්වා ගත හැක.
8) Bio / Physics / Chemistry බහුවරණ පිලිතුරු එක් එක් විභාගය අවසානයේ පරීක්ෂා කිරීම ඉතා කණගාටුදායක මානසික තත්ව ඇති කරයි .එයින් දෙවන ප්‍රශ්න පත්‍රයට පිලිතුරු දීමට ඇති මානසික සූදානම අවධානම ට ලක් කරයි.කිසි සේත් පිලිතුරු පරික්ෂා හෝ අන් අය සමග සාකච්ඡා නොකරන්න.
9) සෑම විභාගයකින් පසු අදාල පොත් පත් තම මේසයෙන් ඉවත් කර අනෙක් විභාගයට සූදානම් වෙන්න.විභාග එකිනෙකට ස්වාධීන බැවින් එක් ප්‍රශ්න පත්‍රයක් අමාරු හෝ ලෙහෙසි වීම තවත් ප්‍රශ්න පත්රයකට ඔබ ගන්නා ලකුණට කිසිදු බලපෑමක් නොකරයි.
10) ප්‍රශ්න පත්‍ර දෙකෙන් එකක් සාමන්‍යයෙන් තරමක් අපහසු වීම සාමාන්‍ය දෙයක් බැවින් එක් ප්‍රශ්න් පත්‍රයක් ලෙහෙසි / අසීරු වීම අනුව අනෙක් ප්‍රශ්න් පත්‍රයේ ස්වරූපය තේරුම් ගෙන එයට ඉතා උනන්දුවෙන් සූදානම් වන්න.
11) විභාග දිනවලදි ජංගම දුරකථන භා අනෙකුත් උපාංග භාවිතය අවම කරන්න. පෙර වසර දෙකේ විභාග ප්‍රශ්න පත්‍ර දෙක විභාගයට පෙර ඉතා හොදින් අධ්‍යයනය කර තිබිය යුතුය.
12) දෙමාපියන් වෙත - දරුවන් විභාගයට ආරක්ෂාකාරීව රැගෙන යාම/ මානසික මට්ටම හොදින් තබා ගැනීමට අවශ්‍ය ආගමික කටයුතු කිරිම හා මානසික තත්වය ඉහලින් පවත්වා ගැනීම ට උපකාරී
වීම ඔබෙන් අත්‍යවශ්‍ය වේ.
13 ) අවසාන වශයෙන්, මෙයින් ඔබගේ ජීවිතය තීන්දු වන්නෙ නැත.මෙය ජීවිතයේ එක් අවස්ථාවක් පමණි.
ඔබට හැකි උපරිම අයුරින් විභාගය සාර්ථකව අවසාන කරන්න.
ඔබට හැකි උපරිම ප්‍රතිඵලය ලබා ගැනීම ප්‍රමාණවත් වේ.
ඉතිං , දරුවනේ..
සියලු විභාග ඉතා ඉහලින් සමත්වී වාසනාවන්ත සුභ අනාගතයක් උදාවේවා !
ආදරණීය , දුලාන් සර් 🙏
0 Comments:
Post a Comment