ගණිත අංශයෙන් උසස්පෙළ විභාගය සාර්ථකව සමත්වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න බලාපොරොත්තු වෙන ඔයාලට මම ලියන්න යන්නේ ඉංජීනේරු පීඨයක් ගැන නම් නෙවෙයි.ඒ වගේම ඔයාලට පරිඝණක ඉංජීනේරු සිහිනයට පාර පෙන්වන 2015දි ආරම්භ වුණු පීඨයක් වෙන කැළණිය විශ්ව විද්‍යලයේ පරිගණක හා තාක්ෂණ පීඨය.
අපේ පීඨයෙන් පරිඝණක විද්‍යාවට අදාල Bsc(Hons) in Computer Science උපාධිය පිරිනමනවා.
ඉතින් ඔයාල වගේම උසස් පෙළ භෞතීය විද්‍යා(physical science ) විෂය ධාරාවෙන් 1.7000කට ආසන්න z අගයකින්(නව විෂය නිර්දේශය යටතේ) 50 දෙනෙකුට තමා මෙම පාඨමාලාවට ඇතුලත් වෙන්න ලැබෙන්නෙ.(මේ වසරෙ ඉඳන් ඒක 70 දක්වා වැඩිකරල කියල කැම්පස් පොතේ සඳහන් වෙනවා)ඒ ගැන විස්තරයක් මන් මේ article එකෙන් පසුව කියන්නම්.
පරිගණක විද්‍යාව පිළිබද ගෞරව උපාධියක් වසර 04ක උපාධි පාඨමාලාවේ අවසානයේදී හිමිවෙනවා.ඔයාල දන්නවා ලංකාවේ අපේ විශ්ව විද්‍යාලයට අමතරව කොළඹ,රුහුණ සහ යාපනය යන විශ්ව විද්‍යාල වලිනුත් පරිඝණක විද්‍යාව පිළිබඳ උපාධිය පිරිනමනවා. නමුත් අපේ පාඨමාලාවෙ තියෙන විශේෂත්වය තමා බඳවගන්න සියලුම දෙනාට සිව් අවුරුදු විශේෂ උපාධිය ප්රදානය කිරීම. උපාධි පාඨමාලාව IEEE (Institution of Electronics and Electrical Engineers) සහ ACM(Association for Computer Machinery) යන ජාත්‍යාන්තර සංවිධානවල නියම,නීතිරීති වලට අනුව සැකසිලා තියෙනවා.ඒ නිසා අපේ පාඨමාලාව අවසානයේ ඔයාලට බය නැතුව ලංකාවේ හෝ විදේශ රටක රැකියාවක් සඳහා අයදුම්කරන්න පුලුවන්. දැනට
Department of Applied Computing,Department of Computer Systems Engineering ,Department of Software Engineering කියන ප්‍රධාන departments එක්ක තමා මේ උපාධි පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ.
පාඨමාලාවෙ අන්තර්ගතය ගැන සඳහන් කලොත් Computer science degree එකකට අත්‍යාවශ්‍ය වෙන සියලුම Maths, statistics,probability වගේ modules සමගම programming,web development, mobile application development පළවෙනි අවුරුදු දෙකේ උගන්නනවා.දෙවෙනි වසර අවසානයේ ඔයාලගෙ කැමැත්ත සහ GPA එක මත පදනම් වෙලා specialization pathways පහකට ඔයාලව වෙන් කරනවා.තුන්වෙනි සහ හතරවෙනි වසර දෙකේ ඔයාලට අධ්‍යයන කටයුතු කරන්න තියෙන්නෙ ඔයා තෝරගන්න pathway එකට අනුව.
ඒ pathways පහ තමා,
01)Cyber Security
02)Data Science
03)Artificial Intelligence
04)Scientific Computing
05)Standard Pathway
වර්තමානයේ කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මේ වගේ විශාල පරාසයක විහිදුණු pathways ප්රදානය කරන්නෙ නැහැ.ඒක ඔයාලට ලැබෙන්නෙ Kelaniya Computer Science එකෙන් විතරයි.
පස්වෙනියට සඳහන් වෙන standard pathway එක තමා සිව් අවුරුදු පරිගණක විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාව.pathways කරන්න අකමැති කෙනෙක් ඉන්නවනං standard pathway එක තෝරගන්න පුළුවන්.
Degree එකට අදාල සියලුම විස්තර සහ syllabus එක අපේ Faculty website එකේ තියෙනවා.පහත ලින්ක් එකෙන් ඕනෑම කෙනෙකුට ඒක බලාගන්න පුළුවන්
https://fct.kln.ac.lk/.../bachelor-of-science-honours-in...
ඒ වගේම තමා 4th year එකේදි ඔයාලව මාස 6ක industrial training එකකට යොමු කරනවා. industry එකේ වැඩකරල ගන්න experience එක ඉතාම වැදගත් වෙනවා ඉදිරියෙදි ජොබ් එකකට යන්නත්.
ඊළඟට ඔයාල අහන ප්රශ්නය තමා මේ උපාධි පාඨමාලාව හරහා ලබාගන්න පුළුවන් රැකියා අවස්ථා මොනවද කියල. ලංකාව ඇතුලෙ IT industry එකේ තියෙන ඕනෑම job එකකට apply කරන්න කිසිදු බාධාවක් නෑ.ඒ වගේම ඔයාල කරන specialization pathway එකට අදාලව ලංකාවේ හෝ පිටරට තියෙන job එකකට පහසුවෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්.
academic වැඩ වලට අමතරව අපේ association එක - Computer Science Students' Association - University of Kelaniya එක හරහා industry එකේ අය සම්බන්ධ කරගෙන online sessions,webinars,workshop පවත්වනවා.ඒ හරහා ලොකු අත්දැකීමක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම දැනටමත් අපි ISACA Sri Lanaka Chapter(Information System Audit and Control Association) හි ශාඛාවක් අපේ ෆැකල්ටිය තුල ආරම්භ කරල තියෙන්නෙ.( UOK ISACA Student Group )දැනට රාජ්‍ය විශ්ව විද්‍යාල 3 ක පමණක් පවතින මෙමගින් IT Security , Audit, Governance යනාදී අංශ පිළිබඳව අපගේ විද්‍යාර්ථීන්ට පුළුල් දැනුමක් ලබාදෙනවා.
ඉතිං නංගි මල්ලි, මේ පාර කැම්පස් apply කරද්දි IT side එකට සම්බන්ධ උපාධියක් හදාරන්න ඔයාට කැමැත්තක් තියෙනවනම් අනිවාර්යයෙන්ම Kelaniya Computer Science ගැන සලකා බලන්න.
සටහන: Kasun Akalanka
0 Comments:
Post a Comment