A/L results කියන්නෙ අපේ මුලු ජීවීතයම නෙවි, ඒක ජීවිතේ එක අවස්ථාවක් පමණයි, හොදට pass වෙන අය university select වෙනවා..
Medicine ,Engineering හැමෝම select වෙන්නෙ නෑ.එහෙම වෙන්න ඕනාත් නෑ.මොකද A/L වලින් පස්සේ අවුරුදු 06-08 වගේ කාලේ තමා ජීවිතේ හැරුම් ලකුණු තීරණය කරන්නේ.ඉතිං results බලලා
1) පලවෙනි පාර මහන්සි වුනා හුගාක් මදි, ආයේ කරොත් මට ඊට වඩා ලොකු result එකක් දාලා campus යන්න පුලුවන් කියලා හිතෙනවනම්,එහෙම කරන්න.3rd shy හරි medicine ,engineering යන්න තමන්ට හැකියාවක් තියෙනවානම් ඒක කරන්න.ඒකේ වටිනාකම සල්ලි වලට ගන්න බෑ.ඒත් මතක තියාගන්න , කැම්පස් ගිහිං උපාධියක් ගත්තා කියලා job එකක් තමන්ට ඉබේම උරුම වෙන්නෙ නෑ..ඒකට අනිවාර්යයෙන් කුසලතා(talents,skills) හදාගන්න ඕනා.ඒක අභියෝගයක්.
2) හැමෝම campus යන්න ඕනා කියලා දෙයක් නෑ. කැම්පස් ගියපු අයට වඩා ඒ අවුරුදු කිහිපය තුල විවිධ පාඨමාලා කරලා ඉහල වැටුප් ලබන රුකියා වලට යොමුවුන අය හුගාක් ඉන්නවා.
එකම දේ තමන් මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා,මෙහෙම දේවල් මට පුලුවන් , මේ පැත්තෙන් ඉස්සරහට යනවා කියලා හිතට එන හැගීම එහෙම නැත්නං ,ගැම්ම.
එහෙම යොමුවෙන්න පුලුවන් පැති ටිකක් මේ,
Photography,Designing,Motor mechanic,marine engineering , QS,Seaman,Forces,Police,Customs,Banking,Teaching,Nursing ,Businesman, Contractor , Chief , Gardening , Fashion designing ,beauty saloons, Planning,printing,Guide,tourism,hotel management,artist,actor ...)
Second shy,third shy කරලා campus ගිහිං කෙනෙක් out වෙලා job එකකට එන කොට ඒ එන කෙනාව interview කරන කෙනෙක් වෙලා ඉන්නේ අර ගැම්මෙන් තමන්ගේ අනාගතේ සැලසුම් කරන කෙනා.ඒකට මූලික වෙන්නෙ A/L results නෙවෙයි. අපේ හිතේ හයිය.❤
ඉතිං පුතාලම හිතලා බලන්න,තමන් මේ දෙකෙන් කොයි අන්තෙටද යන්නෙ කියලා, ගෙදර අයගෙන් අයියලා අක්කලාගෙන් සර්ලා මිස්ලාගෙන් අහලා හොද තීරණයක් ගන්න.
තව අවුරුදු 10 කින් ඒ කියන්නේ 2030 දී ආපහු ජීවිතේ දිහා හැරිලා බලද්දි ඒ ගත්ත තීරණේ ,ඒ කාපු කට්ට ගැන සතුටක් හිතෙන විදිහට.
ඒවගේම මේ වෙනකං තමන්ව ඇහැක් වගේ බලාගත්ත අම්මා තාත්තා දෙන්නව ,ඒ වෙද්දි ඔයාලා හරි හම්බකරලා ආදරෙන් රැකබලා ගන්නවා කියන අධිෂ්ඨානයෙන් ඒ ගමන පටන්ගන්න.
කවදාවත් වරදින්නෙ නෑ!
දුවලා පුතාලා හැමෝටම,
ජයෙන් ජයම වේවා !
දුලාන් සර් ❤
0 Comments:
Post a Comment